අලුත් AI model එකක් ආවම මම මුලින්ම බලන්නේ "මේක ලංකාවේ student කෙනෙක්ට, freelancer කෙනෙක්ට අදම use කරන්න පුළුවන්ද?" කියලා. Google නොවැම්බර් 12 release කරපු Gemini 4 Hydrogen ගැන උත්තරේ "ඔව්" කියලයි මට පේන්නේ.
Gemini 4 Hydrogen කියන්නේ මොකක්ද?
Google කියන විදිහට Hydrogen හදලා තියෙන්නේ coding සහ agent වැඩ ඉක්මනට කරන්න. Google ගේ frontier models වන Gemini 4 Carbon සහ Gemini 4 Argon හදලා තියෙන්නේ අමාරුම ප්රශ්න වලට ගැඹුරු, දිග reasoning කරන්න. Hydrogen එදිනෙදා coding, agent වැඩ වේගෙන් කරන්න.
මට වැදගත් වුණ කරුණු 3යි:
- AI Studio සහ Gemini API එකේ හැම tier එකකටම ආවා කියලා Google කියනවා. ඒ කියන්නේ paid plan එකක් නැතුවත් AI Studio එකේ try කරන්න පුළුවන්.
- 1 million-token context window එකක් තියෙනවා. ලොකු PDF, notes, code files එකපාර දාලා ප්රශ්න අහන්න පුළුවන්.
- Paid API pricing එක input tokens million එකකට $1.50යි, output million එකකට $7.50යි. Gemini app එකේ free users ලට ලැබෙන්නේ auto model selection එක හරහා, prompt එකට ගැලපෙනකොට විතරයි.
AI Studio එකෙන් try කරමු! පියවර 4යි
1. aistudio.google.com එකට යන්න. ඔයාගෙ Google account එකෙන් log in වෙන්න.
2. Model list එකෙන් Gemini 4 Hydrogen තෝරන්න. Rollout එක ක්රමයෙන් යන නිසා ඔයාට තාම පේන්නේ නැත්නම් දවසක් දෙකක් ඉඳලා ආයේ බලන්න.
3. ඔයාගෙ app idea එක විස්තර කරන්න. උදාහරණයක් විදිහට: "A/L students ලට past paper ප්රශ්න වලින් daily quiz එකක් දෙන simple web app එකක් HTML, CSS, JavaScript වලින් හදන්න. Sinhala UI එකක්." Code එක ආවම ඒක run කරලා බලලා, වැරදි තැන් ආයෙත් Hydrogen ටම කියලා හදාගන්න. එක දෙයක් මතක තියාගන්න: free tier එකේ ඔයා යවන content Google products improve කරන්න පාවිච්චි වෙනවා කියලා Google pricing page එකේම තියෙනවා. ඒ නිසා client files, customer data, passwords, API keys වගේ දේවල් free tier එකේ දාන්න එපා.
4. API key එකක් ගන්නවා නම් පරිස්සමෙන්. ඔයාගෙම app එකකට connect කරන්න key එකක් හදනවා නම්, ඒක code එකේ hardcode කරන්න එපා, frontend එකට දාන්නත් එපා. ඒ ගැන මම කලින් ලියපු ඔයාගෙ AI API Key එක ආරක්ෂා කරගමු! article එක කියවලා rules 6 follow කරන්න.
මගේ practical tip එක
Free model එකක් තියෙනවා කියලා ලොකු project එකකින් පටන් ගන්න එපා. පොඩි idea එකක් තෝරලා, පැයක් ඇතුළත වැඩ කරන version එකක් හදන්න. AI කියන්නේ ඔයා වෙනුවට හිතන දෙයක් නෙවෙයි, ඔයාගෙ idea එක ඉක්මනට test කරන්න උදව් කරන tool එකක්. Code එක තේරුම් ගන්නත් එයාගෙන්ම අහන්න: "මේ line එකෙන් මොකද වෙන්නේ?"
FAQ: Gemini 4 Hydrogen free ද?
ප්රශ්නය: ලංකාවේ ඉඳන් Gemini 4 Hydrogen free use කරන්න පුළුවන්ද?
උත්තරය: Google කියන විදිහට Hydrogen global rollout එකක් විදිහට AI Studio එකේ සහ Gemini API එකේ හැම tier එකකටම එනවා. ඉතින් Google account එකක් තියෙනවා නම් AI Studio එකේ try කරන්න පුළුවන්. Free tier එකට usage limits තියෙන නිසා, ලොකු production app එකකට paid API pricing එක සහ AI Studio එකේ terms බලලාම තීරණය කරන්න.
තව ඉගෙනගමු!
AI tools වලින් ඇත්තටම app හදන්න, coding, design ඉගෙනගන්න ඕන නම් මගේ community එකට එකතු වෙන්න: nas.io/kdj. එතන මම සිංහලෙන් පියවරෙන් පියවර කියලා දෙනවා.
මූලාශ්ර: Google: Introducing Gemini 4 Hydrogen (Nov 12, 2026) | Google AI Studio: What's new in Gemini 4 Hydrogen | Gemini API pricing