ඔයා ChatGPT, Claude, Gemini වගේ AI එකක API key එකක් use කරලා app එකක් හදනවා නම්, මේ article එක අනිවාර්යයෙන්ම කියවන්න. මොකද ඒ key එක හොරෙක් අතට ගියොත්, එයා use කරන AI එකේ bill එක එන්නේ ඔයාටයි.
ඇයි මම අද මේ ගැන කියන්නේ?
App hosting platform එකක් වන Railway, 2026 නොවැම්බර් 10 දාපු incident report එකේ කියනවා, ඔක්තෝබර් 20-21 attack එකේදී attacker ගේ ඉලක්කය වුණේ customersලාගේ AI provider keys කියලා. උපරිම 1.85% (~100,000) workspaces වල variables decrypt වෙන්න ඇති කියලා ඔවුන් කියනවා (ඒක upper bound එකක්). Stolen keys වලින් කරපු unauthorized spend එක ~$740,000ක් වෙනකන් යන්න පුළුවන් කියලත් estimate කරලා තියෙනවා.
Railway කියන්නේ තනි සිද්ධියක් නෙවෙයි. AI keys තියාගන්න platforms වලට එල්ල වෙන attacks මාලාවක එකක් කියලයි ඔවුන්ම assess කරන්නේ. ඉතින් ප්රශ්නේ "මට වෙයිද?" නෙවෙයි, "වුණොත් damage එක කොච්චර අඩු කරගන්න පුළුවන්ද?" කියන එකයි.
API key එක ආරක්ෂා කරගමු! මම follow කරන rules 6යි
1. Key එක කවදාවත් code එකේ hardcode කරන්න එපා. .env file එකක හෝ environment variable එකක තියාගෙන, .env එක .gitignore එකට දාන්න. OpenAI ගේ best practices guide එකත් කියන්නේ repo එකට key එක commit කරන එක credential leak වෙන පොදුම ක්රමයක් කියලා.
2. Frontend එකේ, mobile app එකේ key එක දාන්න එපා. Browser එකේ හෝ app එකේ තියෙන key එකක් ඕනම කෙනෙක්ට අරගන්න පුළුවන්. AI request එක යවන්න ඕනේ ඔයාගෙම backend server එක හරහා. Vibe coding කරලා app හදන අය ගොඩක් හිරවෙන තැනක් මේක.
3. Project එකකට වෙනම key එකක්. එක key එකක් හැම තැනම use කළොත්, leak වුණාම හැම project එකක්ම නවත්තන්න වෙනවා. වෙනම keys තිබ්බොත් revoke කරන්න වෙන්නේ ඒක විතරයි.
4. Spend limit එකක් දාන්න. Provider dashboard එකේ monthly spend limit එකක් හෝ budget alert එකක් තියෙනවා නම් අදම set කරන්න. OpenAI කියන විදිහට alert එකකින් විතරක් traffic එක නවතින්නේ නැහැ. Hard limit එකක් තමයි leak එකක damage එක සීමා කරන්නේ.
5. Expiry date එකක් දාලා rotate කරන්න. පුළුවන් නම් key එක හදද්දීම expiry date එකක් දාන්න. අලුත් key එකක් හදලා, app එක update කරලා, ඒක වැඩ කරනවා කියලා confirm කළාට පස්සේ පරණ එක revoke කරන්න.
6. GitHub push protection එක on කරලා තියාගන්න. GitHub.com එකේ personal account වලට push protection for users default on. ඒකෙන් public repo එකකට secret එකක් push කරන්න ගියොත් block කරනවා. Bypass කරන්න කලින් දෙපාරක් හිතන්න.
Key එක leak වුණා කියලා හිතෙනවා නම්?
- Provider dashboard එකේ usage, billing එක අදම බලන්න.
- අලුත් key එකක් හදලා, app එකේ variable එක update කරලා redeploy කරන්න. ඊට පස්සේ පරණ key එක revoke කරන්න.
- ඔයා නොකරපු charges තියෙනවා නම් provider ට (Railway use කළා නම් Railway ටත්) report කරන්න.
ප්රශ්නයක්: Private GitHub repo එකක key එක තිබ්බොත් කමක් නැද්ද?
Public repo එකකට වඩා safe, හැබැයි 100%ක් නෙවෙයි. OpenAI ගේ guide එකේම කියනවා data breach එකකදී private repo එකකින් වුණත් keys leak වෙන්න පුළුවන් කියලා. ඒ නිසා key එක code එකෙන් එළියේ, environment variable එකක හෝ secret manager එකක තියාගන්න එක තමයි හරි ක්රමය.
AI කියන්නේ නියම tool එකක්. හැබැයි ඒකේ key එක ඔයාගෙ bank card එක වගේ. ඒ විදිහටම ආරක්ෂා කරන්න.
AI එක්ක apps හදන හැටි, ආරක්ෂිතව, සිංහලෙන් පියවරෙන් පියවර ඉගෙනගන්න අපේ community එකට එකතු වෙන්න: nas.io/kdj
මූලාශ්ර: Railway: Incident Report, October 21st Security Attack (Nov 10, 2026) | OpenAI Help: Best practices for API key safety | GitHub Docs: Push protection