YouTube එකේ "Google Cloud $300 free credits එකෙන් Gemini free ව use කරමු" වගේ tutorial එකක් බලලා ඔයාත් sign up වෙන්න හිතන් හිටියද? එහෙනම් පොඩ්ඩක් ඉන්න. Google Cloud docs වල rules වෙනස් වෙලා.
මොකක්ද වෙනස් වුණේ?
Google Cloud free trial එකෙන් තාමත් $300 Welcome credit එකක් ලැබෙනවා. ඒක දවස් 90ක් ඇතුළත Google Cloud products වලට පාවිච්චි කරන්න පුළුවන්, trial එක අතරතුර ඔයාට bill එකක් එන්නේ නෑ කියලා Google කියනවා.
හැබැයි දැන් Google Cloud docs වල restrictions දෙකක් පැහැදිලිව තියෙනවා:
- November 16, 2026 හෝ ඊට පස්සේ free trial එකට sign up වෙන, නැත්නම් paid account එකකට upgrade වෙන අයට $300 credit එකෙන් Gemini platform (කලින් Vertex AI) services වලට ගෙවන්න බෑ.
- $300 credit එකෙන් AI Studio එකේ Gemini API costs වලටත් ගෙවන්න බෑ. ඒ වෙනුවට Gemini API Free tier එක, නැත්නම් Prepay billing plan එකක් පාවිච්චි කරන්න කියලා Google කියනවා.
ඉතින් "free credits එකෙන් Gemini" කියන පරණ tutorials අලුතෙන් එන අයට තවදුරටත් හරියන්නේ නෑ.
එහෙනම් Gemini free ව try කරන්නේ කොහොමද? පියවර 4යි
1. AI Studio එකේ Free tier එකෙන් පටන් ගන්න. aistudio.google.com එකට ගිහින් ඔයාගෙ Google account එකෙන් log in වෙලා prompts try කරන්න, API key එකක් හදාගන්න. Free tier එකට rate limits තියෙනවා, ඒ නිසා පොඩි projects, learning වලට තමයි ගැලපෙන්නේ.
2. Free tier එකේ දාන data ගැන පරිස්සම් වෙන්න. Free tier එකේ ඔයා යවන content Google products improve කරන්න පාවිච්චි වෙනවා කියලා Gemini API pricing page එකේම තියෙනවා. Client files, customer data, passwords වගේ දේවල් එතනට දාන්න එපා.
3. Tutorial එක දාපු දවස බලන්න. "$300 free" කියලා video එකක හරි blog එකක හරි තිබ්බොත්, ඒක November 16, 2026ට කලින්ද දාලා තියෙන්නේ කියලා බලන්න. Cloud rules ඉක්මනට වෙනස් වෙනවා.
4. Paid වලට යනවා නම් budget alert එකක් දාන්න. Billing account එකක් enable කරනවා නම් Google Cloud Billing එකේ budget එකක් සහ alert එකක් set කරලා, usage එක නිතරම බලන්න. Paying client කෙනෙක්ගේ project එකක් trial credit එක මත විතරක් හදන්න එපා.
මගේ practical tip එක
Free credit එකක් කියන්නේ project plan එකක් නෙවෙයි. මම students ලට කියන්නේ, මුලින්ම AI Studio free tier එකේ පොඩි idea එකක් වැඩ කරනවද බලන්න. ඒක වැඩ කරනවා නම් විතරක් cost එක ගණන් හදලා paid plan එකක් ගැන හිතන්න. AI කියන්නේ ඔයාගෙ idea එක ඉක්මනට test කරන්න උදව් කරන tool එකක්, bill එකක් ගැන බය වෙන්න ඕන දෙයක් නෙවෙයි, හරියට plan කළොත්.
FAQ: Google Cloud $300 credit එකෙන් තාම Gemini use කරන්න පුළුවන්ද?
ප්රශ්නය: මම අලුතෙන් Google Cloud free trial එකට sign up වුණොත් $300 credit එකෙන් Gemini API use කරන්න පුළුවන්ද?
උත්තරය: Google Cloud docs අනුව November 16, 2026 හෝ ඊට පස්සේ sign up වෙන අයට $300 credit එකෙන් Gemini platform (Vertex AI) services වලට ගෙවන්න බෑ, AI Studio Gemini API costs වලටත් ඒ credit එක යන්නේ නෑ. Gemini free ව try කරන්න නම් AI Studio එකේ Gemini API Free tier එක පාවිච්චි කරන්න (rate limits එක්ක).
Sources: Google Cloud: Free cloud features and trial offer · Gemini API pricing
AI, coding වගේ දේවල් සිංහලෙන්, පියවරෙන් පියවර ඉගෙනගන්න ඕන නම් මගේ community එකට එකතු වෙන්න: nas.io/kdj 🚀