Skip to main content

arrow_backAll stories

Video & Media

Claude AI එකෙන් Cartoon Animation Shorts හදමු: Free Skill File එක Download කරගන්න

This article is published in Sinhala — only the site controls are translated.

නිදර්ශන රූපය — ලිපියේ සිද්ධියේ සෘජු සාක්ෂියක් ලෙස නොසලකන්න. · Illustrative image, not documentary evidence.

ඔයාගේ voiceover එක දුන්නම Claude ම vertical cartoon animation video එකක් MP4 විදිහට හදලා දෙන මගේ Skill එක. වැඩ කරන විදිහ, ඕන කරන දේවල් සහ download කරගන්න විදිහ.

ඔයාගේ voiceover එක Claude ට දුන්නම, ඒ කටහඬට හරියටම ගැලපෙන vertical cartoon animation video එකක් (9:16, MP4) Claude ම හදලා දෙනවා නම් කොහොමද? Idea එකේ ඉඳන් script එක, animation එක, music, sound effects ඔක්කොම.

මම හදපු Claude Cartoon Animations Creation Skill එකෙන් කරන්නේ ඒකයි. TikTok, YouTube Shorts, Instagram Reels වලට දාන්න පුළුවන් 20-60 seconds animated story shorts හදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ලිපියේ අන්තිමට download link එකත් තියෙනවා.

Claude Skill එකක් කියන්නේ මොකක්ද?

Skill එකක් කියන්නේ Claude ට දෙන "instruction file" එකක්. කරන්න ඕන දේ step by step, rules, tips ඔක්කොම ඒකේ ලියලා තියෙනවා. Skill එක Claude ට දාලා "Make me a cartoon short" වගේ දෙයක් කිව්වම, Claude ඒ instructions අනුව වැඩේ පටන් ගන්නවා. හැම පාරම මුල ඉඳන් පැහැදිලි කරන්න ඕන නෑ.

Video එක පේන්නේ කොහොමද?

  • Flat 2D cartoon characters (bean-head style, plum colour outlines)
  • පාට පාට 3D world එකක්: කළු ink outlines, painted textures, depth-of-field, smooth camera moves
  • 1080 x 1920, 30 fps vertical video, හරියටම ඔයාගේ voiceover එකේ දිග
  • ඔයාගේ කටහඬ වෙනස් කරන්නේ නෑ. Picture එක හදන්නේ කටහඬේ timing එකට
  • Music සහ sound effects අලුතෙන් synthesize කරලා, voice level එකෙන් 50% ට තියනවා. ඒ නිසා narration එක හැමවෙලේම පැහැදිලියි

Skill එක වැඩ කරන විදිහ: Steps 4යි

1. ඔයා පටන් ගන්නේ කොහෙන්ද? Claude මුලින්ම අහනවා: voiceover එක ලෑස්තිද, script එකක් තියෙනවද, නැත්නම් idea එකක් ඕනද කියලා. Video එකේ දිගත් අහනවා (default 20-30 s, 45-60 s දක්වා පුළුවන්).

2. Video ideas 10ක් Idea ඕන නම් Claude ideas 10ක් දෙනවා. හැම එකකටම title එකක්, පළවෙනි වාක්‍යය (hook), අන්තිම twist එක, animate කරන්න හොඳ visual moments, සහ ඒක ඇත්ත ඉතිහාසයක්ද, විවාදාත්මක කතාවක්ද, ජනප්‍රවාදයක්ද කියන එකත් කියනවා. ඔයා අංකයක් තෝරන්න විතරයි.

3. Script එක තෝරපු idea එකට narration script එක ලියනවා. Seconds 20 කට වචන 75ක් වගේ (තත්පරයට වචන 3.7ක්). Hook → Setting → Escalation → Twist කියන formula එකට. ඒත් එක්කම shots plan එකයි, voiceover record කරන tips ටිකකුයි දෙනවා (ElevenLabs වගේ tool එකක් හොඳට වැඩ).

4. Voiceover එක upload කළාම: Full video එක ඔයා voiceover එක (mp3/wav) upload කළාම Claude නවත්තන්නේ නැතුව වැඩේ ඉවර කරනවා. Timing හොයනවා, shot plan එක හදනවා, 3D world එකයි characters ලයි build කරනවා, camera moves දානවා. Full render එකට කලින් stills contact sheet එකක් පෙන්නනවා, ඊට පස්සේ sound mix කරලා render කරලා MP4 එක දෙනවා.

ඔයාට ඕන කරන දේවල්

මේක Claude ට code run කරන්න පුළුවන් තැනක (උදා: Claude Code) හොඳටම වැඩ. Skill එකේ කියන requirements:

  • Node 22.6+
  • Python 3 (numpy + Pillow එක්ක)
  • ffmpeg
  • Playwright + Chromium
  • ඔයාගේ voiceover එක, සහ පුළුවන් නම් script text එක (timing එක හරියටම ගන්න)

අවංකව කියනවා නම්: Render එක CPU එකෙන් කරන නිසා frame එකකට තත්පර 3-10ක් විතර යනවා. 20 s video එකක frames 600ක් තියෙනවා, ඒ නිසා render එකට විනාඩි 30 ඉඳන් පැය 1.5ක් විතර යන්න පුළුවන්. ඉවසීම ඕන! ☕

හොඳ Rules කිහිපයක් Skill එකේම තියෙනවා

  • කතා, characters, shots ඔක්කොම original. වෙන creator කෙනෙක්ගේ video එකක් copy කරන්නේ නෑ
  • ජීවත්ව ඉන්න ඇත්ත මිනිස්සු characters විදිහට, brand mascots, logos පාවිච්චි කරන්නේ නෑ
  • ඇත්තක් කියලා කියන කතාවල key facts web search එකකින් check කරනවා. Viral legend එකක් ඇත්තක් විදිහට පෙන්නන්නේ නෑ
  • ඔයා ඉල්ලුවොත් මිසක් captions දාන්නේ නෑ

Download කරගන්නේ කොහොමද?

Skill File එක Download කරගන්න

🔑 Password: 1235

  1. Link එක open කරලා ඔයාගේ email එකයි password එක (1235) දෙන්න
  2. ඔයාගේ inbox එකට digits 6ක code එකක් එනවා (පේන්නේ නැත්නම් spam folder එක බලන්න)
  3. Code එක type කළාම Download now button එක එනවා

Download button එක එක පාරක් විතරයි වැඩ, විනාඩි 10කින් expire වෙනවා. ආයෙත් ඕන නම් page එක refresh කරන්න.

FAQ

Sinhala voiceover එකකට මේක වැඩ කරනවද?

Script ලියන කොටස හදලා තියෙන්නේ English narration වලට. Timing එක හොයන්නේ script text එකයි voiceover එකේ නිහඬ තැනුයි ගළපලා. ඒ නිසා Sinhala voiceover එකක් එක්ක හරියටම ගැලපෙන script text එක දුන්නොත් වැඩ කරන්න පුළුවන්. හැබැයි මම ඒක තාම test කරලා නෑ. මුලින්ම English එකකින් try කරන්න.

Code දන්නේ නැති කෙනෙකුට පුළුවන්ද?

Code ලියන්නේ Claude. ඔයාට ඕන requirements ටික install කරගන්න සහ Claude අහන දේවලට උත්තර දෙන්න විතරයි. Setup එකේදී හිරවුණොත් Claude ගෙන්ම අහන්න.

Credits

Skill එකේ 3D engine එකට three.js සහ cartoon characters වලට mromidev/claude-animated-shorts project එකේ toon.ts library එක පාවිච්චි වෙනවා (MIT license දෙකම).

ඔයා හදපු video එක මට tag කරන්න, බලන්න ආසයි! 🎬 AI, coding, design ගැන තව සිංහලෙන් ඉගෙනගන්න මගේ community එකට join වෙන්න: nas.io/kdj 🚀

ලිපිය බෙදාගන්න — link එක copy කරන්න හෝ ඔබම share කරන්න.

shareWhatsApp shareFacebook

ඊළඟ පියවර · Next step

Continue with related reading: MolaHax (මොළහැක්ස්): හිතන විදිහ හැක් කරමු — Hithana Widiha Hack Karamu — then go deeper with a matching course.

MolaHax (මොළහැක්ස්): හිතන විදිහ හැක් කරමු — Hithana Widiha Hack Karamu

ගැළපෙන පාඨමාලාවක් සොයන්න · Find a matching course