20වෙනි සියවසේ ලොකුම logicians ලාගෙන් කෙනෙක් වෙච්ච Kurt Gödel 1940 ගණන් වල ලියපු notebooks 16ක් තියෙනවා. පිටු 1,009ක්! ගොඩක් කොටස් ලියලා තියෙන්නේ අද කවුරුත් පාවිච්චි නොකරන Gabelsberger කියන German shorthand එකෙන්. ඒවා තේරුම් කරන්න Helsinki University එකේ logician Jan von Plato ගේ team එකට ගියේ සතියකට පිටුවක් විතරයි.
මේ September එකේ එයා Claude AI එකට ඒ notebooks වල transcriptions දුන්නා. දවස් කීපයක් ඇතුළත Claude පිටු 650ක explanation එකක් හදලා දුන්නා කියලා The Guardian වාර්තා කරනවා. පිස්සුවක් නේද?
හැබැයි මේ story එකේ වැදගත්ම කොටස ඒක නෙවෙයි.
AI එක දුන්නට, page for page check කරන්න වුණා
Von Plato කියන්නේ ඒ explanation එක "page for page" check කරන්න වුණා කියලා. ඊට පස්සේ Claude, notebooks වල තියෙන theorems 663ක් අඳුරගත්තා. ඒවා Coq කියන proof checking software එකෙන් check කරාම:
- 400ක් විතර හරියටම හරි.
- 200ක් විතර පොඩ්ඩක් හදන්න (assumption එකක් එකතු කරන්න වගේ) වුණා.
- 50ක් විතර false බව හොයාගත්තා — Gödelම සමහර notes වලට 'falsch!' කියල ලියල තියෙනවා.
ඉතින් පාඩම පැහැදිලියි. AI එකට ලොකු notes ගොඩක් ඉක්මනට තේරුම් කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තද කියලා බලන්න ඕන ඔයාමයි.
ඔයාගෙ Notes AI එකෙන් Summary කරලා Check කරන්නේ කොහොමද? පියවර 4යි
1. ඔයාගෙම notes දෙන්න. "Photosynthesis ගැන කියන්න" කියලා අහනවට වඩා, ඔයාගෙ class notes, textbook chapter එක AI එකට දීලා "මේ notes වලින් විතරක් summary එකක් හදන්න" කියලා කියන්න. Von Plato කළෙත් ඒකයි, එයාගේම transcriptions දුන්නා.
2. Page reference එකත් ඉල්ලන්න. "හැම point එකටම notes වල කොයි page එකෙන්ද ගත්තේ කියලා දාන්න" කියලා prompt එකට එකතු කරන්න. එතකොට check කරන එක ලේසියි.
3. Points 3ක් random ව check කරන්න. Summary එකේ points 3ක් තෝරලා original notes එකේ ඒක තියෙනවද බලන්න. එකක් හරි වැරදි නම්, මුළු summary එකම ආයෙත් හොඳට බලන්න.
4. Summary එකෙන් quiz එකක් හදලා ඔයාම උත්තර දෙන්න. AI එකට කියන්න notes වලින් ප්රශ්න 5ක් හදන්න කියලා. උත්තර notes එක්ක compare කරන්න. මේකෙන් ඔයා පාඩමත් ඉගෙනගන්නවා, AI එකේ වැරදිත් අහුවෙනවා.
මගේ practical tip එක
මම students ලට කියන්නේ AI එක ඔයාගෙ study partner කෙනෙක් වගේ පාවිච්චි කරන්න කියලයි, ඔයා වෙනුවට exam එක ලියන කෙනෙක් වගේ නෙවෙයි. Gödel ගේ notes වලට වුණත් human check එකක් ඕන වුණා නම්, අපේ O/L, A/L notes වලටත් ඒක ඕනමයි. AI එක විශ්වාසයෙන් කිව්වා කියලා ඒක ඇත්ත වෙන්නේ නැහැ. 🔎
FAQ: AI එකෙන් හදන summary එක exam එකට විශ්වාස කරන්න පුළුවන්ද?
ප්රශ්නය: ChatGPT, Claude, Gemini වගේ AI එකකින් හදපු notes summary එකක් කෙලින්ම exam එකට පාඩම් කරන්න පුළුවන්ද?
උත්තරය: කෙලින්ම විශ්වාස කරන්න එපා. AI summary එකක් ඉක්මනට overview එකක් ගන්න හොඳයි, හැබැයි හැම වෙලේම check කරන්න ඕන. Gödel ගේ notes වල 650-page explanation එකත් page for page check කරන්න වුණා, අඳුරගත්ත theorems 663න් 200ක් විතර හදන්නත් වුණා. ඒ නිසා ඔයාගෙම notes දීලා, page references ඉල්ලලා, original එකත් එක්ක check කරලා විතරක් පාඩම් කරන්න.
Sources: The Guardian: AI helps unlock discoveries hidden in Gödel's notebooks
AI, coding වගේ දේවල් සිංහලෙන්, පියවරෙන් පියවර ඉගෙනගන්න ඕන නම් මගේ community එකට එකතු වෙන්න: nas.io/kdj 🚀